Friday, May 16, 2025
Home » කේබල් නිෂ්පාදනයේ ලාංකීය පුරෝගාමික ACL කේබල්ස් වෙතින් පෙරළිකාරී නව නිෂ්පාදන දෙකක්!

කේබල් නිෂ්පාදනයේ ලාංකීය පුරෝගාමික ACL කේබල්ස් වෙතින් පෙරළිකාරී නව නිෂ්පාදන දෙකක්!

by sachintha
March 6, 2024 1:26 am 0 comment

ශ්‍රී ලංකාවේ විදුලි කේබල් නිෂ්පාදනයේ සුවිශාලතමයා ලෙස ජනතා පිළිගැනීම සහ විශ්වාසය ඉහළින්ම හිමිකරගෙන සිටින ACL කේබල්ස් පී.එල්.සී. දශක හයකට අධික කාලයක් පුරා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සපයා ඇති දායකත්වය සුවිසල්ය. වර්ෂ 1962 සිට මේ දක්වා අඛණ්ඩව නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතුවල නියැළෙමින් කේබල් වෙළෙඳපොළ තුළ 70%ක අධික වෙළෙඳපොළ කොටසක් සමඟ රුපියල් බිලියන 30කට අධික පිරිවැටුමක් සහිත ව්‍යාපාර සමූහයක් බවට පත්ව ඇත.

නිරන්තර පර්යේෂණ සහ අත්හදාබැලීම් ඔස්සේ නව්‍යකරණයෙන් යුතු නව නිෂ්පාදන හඳුන්වාදෙමින් වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස සැමවිටම පෙරමුණ ගැනීමට ACL කේබල් සමත්ව ඇත්තේ ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලීන අත්දැකීම් සහ පළපුරුද්ද සහිත වෘත්තිකයින්ගේ දැනුම සහ හැකියාව මෙන්ම ලොව නවතම තාක්ෂණය සහ පහසුකම් යොදාගනිමින් ඉහළම අනර්ඝත්වයෙන් යුතු නිෂ්පාදන හඳුන්වාදීමට නිබඳව කටයුතු කරන බැවිනි. කාලානුරූපව අවශ්‍ය වන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව විදුලි කේබල් වර්ග රට පුරා ජනතාව වෙතට රැගෙන යෑමට ACL කේබල්ස් කටයුතු කරන්නේ වඩා සුවපහසු, සෞඛ්‍යාරක්ෂිත සහ ඵලදායී ජීවිත ගතකිරීමේ පහසුව සැමට සලසාදීම සඳහාය.

පවතින සමාජ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වඩාත් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම විදුලි කේබල් වර්ග නිෂ්පාදනය කරන ACL කේබල් නිවෙසේ නවතම කේබල් නිෂ්පාදන ද්විත්වය පසුගියදා හඳුන්වාදෙනු ලැබිණි. විදුලි වියදම් ඉතා ඉහළ ගොස් ඇති පසුබිමක වඩා පිරිමැසුම්දායී ලෙස විදුලි පරිභෝජන අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබාදෙමින් හඳුන්වාදෙන ලද ACL එනර්ජි සේවින් කේබල් ඒ අතරින් එකකි. පරිසර හිතකාමී හෙවත් හරිත නිෂ්පාදනයක් වන බැවින් කොළ පැහැති ලේබලයක් සහිතව හඳුන්වා දී ඇති මෙය සුපිරි කොපර් ERC සහ PDCC තාක්ෂණයෙන් නිමවා ඇති බැවින් එමඟින් ඉහළ විදුලිය පිරිමැස්මක් ලබාගත හැකිය. ඉහළ ප්‍රමිතියෙන් යුතු කේබල් වර්ගයක් වන ACL එනර්ජි සේවින් කේබල් සඳහා SLS 733 සහතිකයද හිමිව ඇත.

නොයෙකුත් හේතූන් මඟින් ඇති වන හදිසි ගිනි ගැනීම් සහ ගිනි පැතිරීම් වළක්වාලීමේ මූලික අරමුණ ඇතිව සැලසුම් කර 2005 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිපදවන ලද ACL ෆයර්ගාඩ් කේබල් වඩාත් වැඩිදියුණු තත්ත්වයට පත්කරමින් නැවත වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගියදා සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT