Thursday, May 15, 2025
Home » AIA ඉන්ෂුවරන්ස් සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීම 2024

AIA ඉන්ෂුවරන්ස් සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීම 2024

by sachintha
March 6, 2024 1:27 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය. AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රම ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදි. AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත. ඒ අතරින් NDB සහ DFCC යන බැංකු සමගින් AIA දීර්ඝ කාලීන සහයෝගීතාවන් පවත්වාගෙන යන අතර පසුගිය වසර ගණනාව පුරාවට AIA හි ගමන් මඟ තුළ ලද සාර්ථකත්වය සඳහා මෙම සහකරුවන් ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.

තවද මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ තවදුරටත් සිය පියසටහන් විහිදුවමින් AIA නොබෝදා කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස සුවිශේෂී වූ හවුල්කාරිත්වයකට එළැඹිණි. මෙම උත්සවයේ දී AIA – NDB සහයෝගිතාවයේ වර්ධනය වෙනුවෙන් නායකත්වය දෙමින් සිදුකළ කාර්යභාරය වෙනුවෙන් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඩිමන්ත සෙනෙවිරත්න ඇගයීමට ලක්කිරීම ද සිදුවිය. මෙම බැංකු සමගින් ඇති සහයෝගිතාවයන්ට අමතරව NDB වෙල්ත් කළමනාකරණ සමාගම සමගින් ශක්තිමත් හවුල්කාරිත්වයකට ද AIA එළඹ ඇති අතර ප්‍රමුඛ රක්ෂණ බ්‍රෝකර් සමාගම් සමගින් පවත්වාගෙන යන්නා වූ සබඳතාවයන් තවදුරටත් පවත්වාගෙන යයි. 2024 වසරේ බැංකු රක්ෂණ සහ අනෙකුත් සහයෝගිතාවයන් සමගින් පවත්වාගෙන යන ව්‍යාපාර දියත් කිරීමේ උත්සවයේ දී නව්‍යකරණය සහ සේවාලාභී කේන්ද්‍රීය සේවාවන් සඳහා AIA හි කැපවීම වඩාත් අවධාරණය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT