Saturday, May 17, 2025
Home » අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති කියයි

අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති කියයි

by chanaka
March 6, 2024 11:56 am 0 comment

අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින් ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ (5) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ය.

විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බවත්, ප්‍රමුඛ පෙළේ කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එසේම නව බලශක්ති භාවිතය ද පුළුල් කළ යුතු ය. නව තාක්ෂණය යොදාගෙන සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කරමින් ඒවා බුද්ධිමය හා හරිත කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT