Friday, May 16, 2025
Home » සකර්බර්ග්ට වෙච්ච පාඩුව

සකර්බර්ග්ට වෙච්ච පාඩුව

by chanaka
March 6, 2024 4:26 pm 0 comment

මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට අමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලොව පුරා Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය ඊයේ (05) හදිසියේ ඇනහිටීමකට ලක්වීම හේතුවෙනි.

Facebook, Messenger සහ Instagram යන සමාජ මාධ්‍ය තුනම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ්‍

Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මෙම බිඳ වැටීම ‘මෙටා’ තාක්ෂණික කණ්ඩායම ඉතා ඉක්මන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT