ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම අනුමත කිරීමේ පනත් කෙටුම්පතට හංගේරියානු ජනාධිපති Sulyok Tamás අත්සන් තබයි. හංගේරියානු ජනාධිපති මන්දිරයේ නිල වෙබ් අඩවිය ඊයේ (05) මේ බව නිවේදනය කළේ ය.
2022 වසරේ මැයි මාසයේ දී ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීම සඳහා ඉල්ලුම් කළේ ය. පවතින රෙගුලාසි අනුව, එම සංවිධානයට නව සාමාජිකයන් ඇතුළත් කර ගත හැක්කේ සියලු සාමාජික රටවල අනුමැතිය ලද පසුවයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ෆින්ලන්තයට එම නිල අනුමැතිය හිමිවිය. ස්වීඩනය නේටෝවට එක්වීම අනුමත කළ අවසන් නේටෝ සාමාජිකයා හංගේරියාව යි. එම එකඟතාවත් සමඟ ස්වීඩනය නේටෝවේ 32 වැනි සාමාජිකයා බවට පත්වනු ඇත.
කෙසේවෙතත් නේටෝ ව්‍යාප්තිය රුසියාවේ ආරක්ෂාවට සහ අවශ්‍යතාවලට හානි කර බව රුසියාව කිහිප වතාවක් ම ප්‍රකාශ කර තිබේ. එසේම, තම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ප්‍රතිපියවර ගන්නා බව ද රුසියාව පවසා ඇත.