අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් විසින් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වේ.
අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයකි.
ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් යොදවා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.