ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ කෙටුම්පත (2023-2033) සම්බන්ධයෙන් තෙවැනි සහ සිව්වැනි සාකච්ඡාවන් (National Education Policy Framework) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැත්වීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වැනිදා සහ පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මෙම ප්‍රතිපත්ති රාමුවේ සිදු විය යුතු සංශෝධන සහ ඇතුළත් විය යුතු නව කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
එසේම ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සහ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනයන්ගේ සාරාංශය පිළිබඳ විවිධ අංශ ඔස්සේ දීර්ඝ වශයෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සහ ආචාර්ය මධුර එම්. වෙහැල්ලේ මහත්මිය විසින් පැහැදිලි කරන ලදි.
කාරක සභා සාමාජිකයන් වන විමලවීර දිසානායක, රෝහිනී කවිරත්න, අසංක නවරත්න, මංජුලා දිසානායක, බී.වයි.ජී. රත්ණසේකර, ගෙවිඳු කුමාරතුංග, ගරු මුදිතා සොයිසා සහ (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සහභාගී විය.
එසේම මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හා මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට සම්බන්ධවූ පාර්ශ්ව සහභාගී විය.