Friday, May 16, 2025
Home » ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

by chanaka
March 6, 2024 3:52 pm 0 comment

මාර්තු මස අටවන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය, මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා සහ කාන්තා නියෝජිතවරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වර්තමානයේ කාන්තාවන් මුහුණපාන අභියෝගවලට මුහුණ දීමේදී පෙළ ගැසිය යුතු ආකාරය සහ ඊට විසඳුම් සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සංවාදයක්ද සිදුවිය.ඊට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය, ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය එකමුතුවේ සභාපතිනි රසාංජලී පතිරගේ මහත්මිය, ව්‍යවසායිකා ලොනාලි රොඩ්‍රිගෝ මහත්මිය, නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය සම්බන්ධ විය.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍ය ටිරාන් අලස් මහතා අතින් සිදුවිය.www.ngosec.gov.lk යන මෙම වෙබ් අඩවිය භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වේ

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT