Thursday, May 15, 2025
Home » සෝමාරාම හිමියන් එල්ලා මැරූ බවට මරණ සහතිකය නිකුත් කර නැහැ – මන්ත්‍රී බුද්ධික පතිරණ

සෝමාරාම හිමියන් එල්ලා මැරූ බවට මරණ සහතිකය නිකුත් කර නැහැ – මන්ත්‍රී බුද්ධික පතිරණ

by sachintha
March 6, 2024 1:35 am 0 comment

හිටපු අගමැති එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මැරූ බවට සඳහන් වුවත් එම නමින් මරණයක් ලියාපදිංචි කර හෝ මරණ සහතිකයක් නිකුත් කර නොමැති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක සඳහන් වේ.

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් බුද්ධික පතිරණ මහතා මේ බව සඳහන් කර ඇත.

තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මරා දමා ඇති බව සඳහන්ව ඇත්තේ 1962 වසරේ ජූලි මස 06 වැනිදා බව ද එම ප්‍රශ්නයේ සඳහන් වේ. තල්දූවේ සෝමාරාම හිමියන්ගේ මරණ සහතිකය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබේද යන්න හා එසේ නොමැති නම් පරීක්ෂණයක් පවත්වන්නේ ද යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කර ඇත. 1948 පෙබරවාරි මස 04 වැනිදායින් පසු මරණ දඬුවම නියම කිරීමෙන් පසුව එල්ලා මරණයට පත් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ ද යන්නත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ මරණ සහතික නිකුත් නොකළ තවත් පුද්ගලයන් සිටී ද යන්නත් මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නයෙන් ඉදිරිපත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT