වාරකන් සමය නිමාවීමෙන් පසු නිලාවේලි පරෙවි දූපත් ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා යළි විවෘත කිරීම ඉකුත් 03 වැනි දින නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා අතින් නිල වශයෙන් සිදු විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම දූපත් වනෝද්‍යානය මුහුදේ රළු ස්වභාවය නිසා මාස කිහිපයක් වසා දමා තිබූ අතර වාරකන් සමය නිමාවීමෙන් පසුව මාර්තු 03 වැනිදාට යෙදී තිබූ ලෝක වන ජීවී දිනය සමරමින් දූපත මෙලෙස යළි විවෘත කෙරිණි.
විවෘත කළ දූපතට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගිය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා දූපත තුළ සංචාරයක නිරත වූවේය. මෙම අවස්ථාවට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. කුණනාදන්, හිටපු නාගරික මන්ත්‍රිනී දීපානි ලියනගේ, උද්‍යාන භාරකරු මංජුල මොරතැන්න යන මහත්ම මහත්මීහු එක්වූහ. පළාත් සංචාරක කාර්යාංශය මෙය සංවිධානය කර තිබුණි.
ත්‍රිකුණාමලය විශේෂ – අමදෝරු අමරජීව