සාහිත්‍යකරණයෙන් සම්මානයට පාත්‍ර වූ දයානන්ද සහබන්ධු මහතාගේ “කිරළ ” නවකතාව ලබන 08 දා ප.ව. 2.00ට මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී උත්සවාකාරයෙන් එළිදැක්වීම සිදු කෙරේ.
පරිපාලන සේවයේ ප්‍රදේශීය ලේකම්වරයකු ලෙස දීර්ඝ කාලයක ලද අත්දැකීම් සාහිත්‍යකරණයට හේතුවූ බව පවසන සහබන්ධු මහතා කවි සහ කෙටිකතා රැසක් පාඨකයා වෙත දායද කර ඇත.
කිරළ නවකතාව එළිදැක්වීමේ ප්‍රධාන සාහිත්‍ය දේශනය සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් පවත්වනු ලබන අතර, මාවතගම ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක, සැලසුම් අධ්‍යක්ෂ සාහිත්‍යවේ දී සමිත අනුරාධ දුනුකේපොත මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
ආනන්ද විජේතිලක – මාවතගම