බලගල්ලවත්තේ පදිංචි 76 හැවිරිදි මවක් වන අයි. පී. ලීලාවතී මාතාව ආබාධිත දරුවන් දෙදෙනෙකු සමඟ ජීවත් වීමට නොහැකිව පිළිසරණක් පතයි. මෙම මෑණියන්ගේ 53 හැවිරිදි ඩී.පී. දසනායක ලොකු පුතා 2015 දී වළකුඹුර මාර්ගයේ කහ ඉර මත දී වාහනයක ගැටී අනතුරට ලක්ව අවුරුදු 9ක් නැගිටින්නටවත් නොහැකිව ඇඳක් මත සිටියි.
මවට උපස්ථාන කරමින් රැක බලාගත් අවිවාහක ලොකු පුතාට වයෝවෘද්ධ මව උපස්ථාන කරමින් සිටියි. අයියාගේත් අම්මාගේත් බඩගින්න නිවූ දෙවෙනි පුතා ගාමිණී දසනායක අවු. 48 කුලී වැඩ කරමින් සිටි අතර කකුලේ ඇති වූ තුවාලයකට විෂබීජයක් ඇතුළුවීම නිසා ඔත්පල වී මේ වන විට පාදයක් කපා ඉවත්කිරීමට නියමිතව ඇඳක් මත සිටියි. අයියලා දෙන්නාගේත් අම්මාගේත් එකම පිහිටට සිටි බාල මල්ලී ද දුම්රිය මාර්ගයේ ඇදවැටී මිය ගොස් ඇත.
කිසිම ආකාරයක පිළිසරණක් නැතිව මේ තුන්දෙනා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී සිටී. අසල්වාසීන් කන්න දෙයක් දුන්නොත් හැර අඩුම වශයෙන් සමෘද්ධිය හෝ අස්වැසුම ආධාරයවත් ඔවුන්ට නැති බවත් උපකාරයක් කරන්න හැකි කෙනෙක් ඉන්නවා නම් පිහිට වෙන්න කියා පහළ වලකුඹුර, බලගල්ලවත්ත, අලව්ව යන ලිපිනයේ පදිංචි අසරණ මව වන ලීලාවතී මහත්මිය ඉල්ලීමක් කළාය.
මාවතගම – ආනන්ද විජේතිලක