Thursday, May 15, 2025
Home » පොදු රද මඬුලු චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 11ක්

පොදු රද මඬුලු චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 11ක්

by sachintha
March 6, 2024 1:03 am 0 comment

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමි විය. ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, මෝල්ටාව, මොරිෂස්, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව යන රටවල් සහභාගි වූ මේ තරගාවලියේ අවුරුදු 8න් පහළ බාලිකා කාණ්ඩයේ රන් පදක්කම හොරණ තක්ෂිලා ප්‍රාථමික විදුහලේ නෙතුමි දිහංසා පෙරේරා දිනාගත් අතර, එහි රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ එලීෂා ප්‍රනාන්දු හා ලෝකඩ පදක්කම මහනුවර මහාමායා විදුහලේ හසිනි අනුත්තරාට හිමි වූහ.

විවෘත කාන්තා අංශයේ රිදී පදක්කම මොරටුව විශ්වවිද්‍යාලයේ පසිඳි යාත්‍රා විජේසූරිය දිනාගත් අතර, 18න් පහළ බාලක රිදී පදක්කම කොළඹ ඩී.එස්. සේනානානයක විදුහලේ පෙසඳු ලියනගේ, 12න් පහළ බාලක රිදී පදක්කම රාජකීය විදුහලේ විනුක දිහාන්, 10න් පහළ බාලිකා රිදී පදක්කම බෝපිටිය ලොයලා ජාත්‍යන්තර පාසලේ වනීෂා ඔෂධි දිනා ගත්හ. මේ තරගාවලියේදී ලෝකඩ පදක්කම් මොරටුව විශ්වවිද්‍යාලයේ මහීෂ දාබරේරා (20න් පහළ බාලක), ගේට්වේ පාසලේ බ්‍රිජේස් සරවණබවන් (18න් පහළ බාලක), ධර්මාශෝක විදුහලේ එසඳ විමන්සා (16න් පහළ බාලිකා), කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසලේ සෙතික හංසිර (10න් පහළ බාලක) දිනාගත්හ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT