Thursday, May 15, 2025
Home » ශ්‍රී ලංකාව තෙවන විනිසුරුට එරෙහි වෙයි

ශ්‍රී ලංකාව තෙවන විනිසුරුට එරෙහි වෙයි

by chanaka
March 7, 2024 9:52 am 0 comment

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවන විනිසුරුවරයා එය නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට කළේ ය.

තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් වේ.

සිව්වන පන්දුවාරයේ පළමු පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී කුසල් මෙන්ඩිස් රැකගනු ලැබූ අතර පිටියේ විනිසුරුවරයා සෞම්‍ය ශංකර් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කළේය.

Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙණුම් කළද තෙවැනි විනිසුරු තීරණය කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT