Home » පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

by chanaka
March 7, 2024 11:33 am 0 comment

කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපතිවරයාව ඊයේ(06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස කාන්තා නිලධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව 2024 ජනවාරි 29වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතරතුර 2024.02.15 දින අදාළ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළේය.

මෙම හිටපු ස්ථානාධිපතිවරයා විසින් අදාළ නිලධාරිනියට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට කරන ලද බලපෑමක් පිළිබඳව වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව ඊයේ(06) එම නඩුව අධිකරණයේ කැදවූ අවස්ථාවේ දී හිටපු ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරු 2024.03.12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT