Home » ලාංකිකයන් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් – 3ක් මරුට

ලාංකිකයන් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් – 3ක් මරුට

by chanaka
March 7, 2024 11:58 am 0 comment

දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මෙම නෞකාවේ ආරක්ෂක නිලධාරීන් ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයකු ද සේවයේ යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT