නයිජීරියාවේ සූපවේදියකු පැය 135ක් අඛණ්ඩව ආහාර පිසිමින් වැඩිම කාලයක් ආහාර පිසීමේ ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නයිරා වික්ටර් නමැති මේ 30 හැවිරිදි සූපවේදියා පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 3 වැනිදා දක්වා අඛණ්ඩව ආහාර පිසීමේ නිරතව සිටි අතර, ඔහුගේ කාලය අධීක්ෂණය කිරීමට වෙනම නිලධාරීන් රැඳී සිටි බව ද වාර්තා වේ.
නයිරාට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ අයර්ලන්ත ජාතික ඇලන් ෆිෂර් විසිනි. ඔහු පැය 119කුත්, මිනිත්තු 57ක කාලයක් අඛණ්ඩව ආහාර පිසිමින් එම වාර්තාවට හිමිකම් කීවේය. සිය වාර්තාව නයිජීරියාවේ අවතැන් වූ දිළිඳු ජනතාව වෙනුවෙන් කැප කරන බව කියන නයිරා ඔහු දින 6කට ආසන්න කාලයක් පුරා පිසිනු ලැබූ ආහාර තොගය ඔවුන් අතරේ බෙදා දීමට ද කටයුතු කළ බව වාර්තා වේ.