Thursday, May 15, 2025
Home » හයිටි රාජ්‍යයට සිවිල් යුද්ධයක් අත වනයි

හයිටි රාජ්‍යයට සිවිල් යුද්ධයක් අත වනයි

-අගමැතිට ඉල්ලා අස්වන්නැයි කැරලි නායකයාගෙන් බලපෑම්

by sachintha
March 7, 2024 1:58 am 0 comment

 

හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්‍යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගමැතිවරයා සිය රටින් බැහැරව සිටි දින කිහිපය තුළ හයිටි රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් බරපතළ මුහුණුවරක් ගෙන ඇති අතර, ආයුධ සන්නද්ධ කණ්ඩායම් ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීමේ උත්සාහයක නිරතව ඇත්තේ අගමැතිවරයා යළි සියරට බලා පැමිණීම වැළැක්වීමට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ආයුධ සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ ජිමි චෙරිසර් නමැති පුද්ගලයකු බවත්, අගමැතිවරයාට තනතුරෙන් ඉවත්වන ලෙස බල කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අගමැති ඒරියල් හෙන්රි සිය තනතුරෙන් ඉවත් නොවන්නේ නම් හයිටි රාජ්‍යයේ ජන සංහාරයක් බවට පත් විය හැකි සිවිල් යුද්ධයක් ඇතිවනු ඇතැයි ද ආයුධ සන්නද්ධ කණ්ඩායම් නායකයා අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT