Friday, May 16, 2025
Home » ‘හරක් කටාට’ CIDයෙන් පනින්න උදව්කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

‘හරක් කටාට’ CIDයෙන් පනින්න උදව්කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

by chanaka
March 7, 2024 10:39 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.

සැකකරු ඊයේ (06) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම පොලිස් වසමේදීය.

ඔහු 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හරක්කටාට පැනයාමට තැත්කල මෙහෙයුම විදෙස්ගතව මෙහෙයවූ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සමග ද මෙම පොලිස් සැරයනවරයා වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් කටයුතු කර ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී තිබේ.

දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේ දී අදාළ සංවිධානාත්මක අපරාධකරුට පලායාමට භාවිතා කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස්වැසුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් තිබී අත්අඩංගු වට ගෙන ඇත. එම ආරක්‍ෂක හිස්වැසුම රැගෙන ඒම සදහා සුද්දා නැමැති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබූ අතර එම සැකකරු සම්බන්පධයෙන් සො යා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයක් මගහැර ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එම සුද්දා නැමැති සැකකරු පිළිබඳ තවදුරටත් දුරකථන විශ්ලේෂණයන් සිදු කරමින් කරන ලද විමර්ශනවලදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමඟ සම්බන්ධ වී ඇතැයි අනාවරණය කර ගෙන තිබේ. ඊට අමතරව අදාළ සැරයන්වරයා නදුන් චින්තක නැමැති සැකකරුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමේ සිද්ධිය, විදේශ ගතව සිට මෙයෙහවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා සමගඳ වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බව අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව මෙම සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගැණුනු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරනු ලබයි.

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT