277
රත්මලාන අඳ, ගොළු, බිහිරි පාසලේ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත දරුවන්ගේ අවශ්‍යතා සහ පහසුකම් පිළිබද සොයා බලමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දරුවන්ට ආහාරපානවලින් සංග්‍රහකොට දරුවන් සමග කාලය ගතකරනු ලැබීය.
සෑම වසරකම අගමැතිවරයා රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දරුවන් වෙනුවෙන් සිය කාලය වෙන් කිරීම පුරුද්දක් ලෙස සිදු කරනු ලබයි. රත්මලාන අඳ ගොළු බිහිරි පාසල ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා වෙන් වූ ප්‍රථම විද්‍යාලයයි.