Monday, May 5, 2025
Home » සිහිසුන් වූ රියදුරා අතින් බසයේ පාලනය ගිලිහෙයි – 13ක් රෝහලේ

සිහිසුන් වූ රියදුරා අතින් බසයේ පාලනය ගිලිහෙයි – 13ක් රෝහලේ

by chanaka
March 7, 2024 12:53 pm 0 comment

පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව ඇත.

අද(07) උදෑසන මෙම පුද්ගලික බස් රථය වව්නියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිට තිබේ. එහිදී 40 කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක්වරම රෝගී වී ඇත.

එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තිබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක ගැටී ඇත. එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවස තුළ සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. ඒ වන විටත් රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ප්‍රදේශ වාසීහු කියති.

අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබයි. මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කළේය.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ප්‍රමුඛ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT