මෙරට කාන්තාව සවිබල ගැන්වීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසුවාය. අගමැතිවරයාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට, අගමැතිවරයා වෙනුවට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) මේ බව පැවසුවාය.
රාජ්‍ය ඇමැතිවරිය මෙසේ ද පැවසුවාය.
කාන්තාව සවිබල ගැන්වීම අනිවාර්ය කරුණක්. ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව පනත් දෙකක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහි නීති කෙටුම්පත් සිදු කර කැබිනට් අනුමැතියට දමා තිබෙනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව පනත නුදුරු අනාගතයේදීම සම්මත කර ගැනීමට නියමිතයි. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ‘දිරිය මන්පෙත’ නමින් වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. විදේශගත වන කාන්තාවන්ගේ පවුල් සුරක්ෂිත කිරීමට ද අපි අවධානය යොමු කර තිබෙනවා. වතු අංශයේ කාන්තාවන් වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාවට නංවනවා. කාන්තාවන්ට රැකවරණ මධ්‍යස්ථාන 12ක මේ වන විට වැඩ අවසන් කර තිබෙනවා. පීඩාවට පත් වන කාන්තාවට යන්න තැනක් නැති වෙනවා. තුන්මාසයක කාලයක් එවැනි කාන්තාවන් අපි රඳවා ගන්නවා. දිස්ත්‍රික්ක මට්ටමින් මේ ස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.