Home » නීති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇමැති විජයදාසගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක්

නීති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇමැති විජයදාසගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක්

by sachintha
March 7, 2024 1:56 am 0 comment

 

නීති අධ්‍යාපනය පිළිබඳ අධ්‍යයනය කර ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක් පත් කර ඇත.

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, විදේශ ඇමැති අලි සබ්රි, අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් සහ මහාචාර්ය ජී.එල්. පීරිස්, රවුෆ් හකීම්, චන්දිම වීරක්කොඩි, තලතා අතුකෝරාළ, මදුර විතානගේ, සාගර කාරියවසම්, එම්.ඒ. සුමන්දිරන්, ජී.ජී. පොන්නම්බලම් හා ප්‍රේමනාත් සී දොළවත්ත යන මන්ත්‍රීවරු මෙම කාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.

නීති අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස යෝජනා කළේ අධිකරණ ඇමැතිවරයාය. නීති විදුහලේ පවතින අඩුපාඩු රැසක් එම යෝජනාවට ඇතුළත්ව තිබේ. හත් දහස් පන්සියයක් පමණ වන නීති සිසුන් ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු කරන නීති විදුහලේ ස්ථිරව සේවය කරන්නේ එක් ආචාර්යවරයෙක් පමණක් යැයි ද එහි සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT