2006 වසර චීනයේ ෂියැන් පියෑන් සෂාරී උද්‍යානයෙන් සත්ව හූවමාරු වැඩ සටහන යටතේ මෙරටට ගෙන එනු ලැබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන බෙංගාලි ව්‍යාඝ්‍ර යුවලට දාව 2022 වසර ඉපදුනු පිරිමි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ හා ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දින දෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් අභිමානවත් අන්දමින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි. මෙහිදී විශේෂිත කෙසෙල් කොලවල එතූ මස් පාර්සල් තුනක් ස්ථාන තුනක තබා ඔවුන් වෙත ලබා දෙමින් උපන්දින සැමරීම සිදු කරනු ලැබිණි. මෙම අවස්ථාවට සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත්, සත්ව භාරකරු තිලක් පුෂ්පකුමාර මහතා ඇතුළු නිධාරීන් සමඟ නරබන්නන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
දෙහිවල – ඩී.පී.හේරත්