රජයේ කිසිදු මුදල් ප්‍රතිපාදනයක් නොමැතිව ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ ගොඩගම උතුර Òනිල සෙවණÓ කාර්යාල සංකීර්ණය විවෘත කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. වීජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම Òනිල සෙවණÓ කාර්යාල සංකීර්ණය තුළ ග්‍රාම නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරී යන නිලධාරීන්ගේ සේවා සපයන කාර්යාල පිහිටා ඇත.
වර්ෂ 2012දී ගොඩගම පුරාණ විහාරයට අයත් භූමියක් මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර ඇති අතර එම අවස්ථාවේදී එවකට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ග්‍රාම නිලධාරී එස්. ආර්. ලියනගේ මහතා විසින් ග්‍රාමීය ප්‍රජාවගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ග්‍රාම නිලධාරී කාර්යාලය පමණක් ඉදිකර තිබිණි.
පසුව එම ප්‍රදේශය භාරව පැමිණි ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක සහ සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි යන මහත්වරු විසින් ප්‍රදේශයේ වෙළෙඳ සංගමය දානපතියන් සහ ප්‍රජාවගේ සහයෝගය ඇතිව රජයෙන් කිසිඳු ප්‍රතිපාදනයක් නොමැතිව මෙම Òනිල සෙවණÓ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කර ඇත.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉතිහාසයේ පළමුවරට මෙලෙස රජයේ ප්‍රතිපාදන කිසිවක් නොමැතිව ඉදිකරන ලද ගොඩනැඟිලි සංකීර්ණය මෙය වේ.
ප්‍රදේශයේ ජනතාවට සුව පහසුව පතා තම ප්‍රදේශයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සේවාවන් එකම තැනකින් ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණ බව ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක මහතා පැවසීය.
මෙම අවස්ථාව සඳහා ගොඩගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශයේ සුබ පතන්නන් රාශියක් සහභාගී විය.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි