Thursday, May 15, 2025
Home » පුණ්‍යාධාර ගන්න එන වැඩිහිටියනට කොළොන්නාව රොටරියෙන් කෑම වේලක්

පුණ්‍යාධාර ගන්න එන වැඩිහිටියනට කොළොන්නාව රොටරියෙන් කෑම වේලක්

by sachintha
March 7, 2024 1:36 am 0 comment

අංගොඩ තැපැල් කාර්යාලයෙන් මාසිකව දෙනු ලබන පුණ්‍යාධාර දිමනාව සහ පිළිකා රෝගි දිමනාව ලබා ගැනීම සඳහා පැමිණෙන වයෝවෘද්ධ පිරිස වෙනුවෙන් උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් පෙරේදා (05) පැවැත්විණි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ කොළොන්නාව රොටරි සමාජය විසිනි. එහි හිටපු අධිපතිවරයෙකු වන ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි රොටරි සමාජයේ සභාපති කමල් බණ්ඩාර හීන්කෙන්ද සහ ලේකම් සුපුන් පුෂ්පිත නාගොඩවිතාන යන මහතුන් ඇතුළු සාමාජික පිරිස එක්ව වයෝවෘද්ධ පිරිසට සත්කාර කළහ.

බත් වේලට අමතරව එක් අයෙකුට රුපියල් දහස බැගින් මුදල් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි. රොටරි සමාජයේ හිටපු සභාපති වරයෙකු වු දැනට ඔස්ට්‍රේලියාවේ සිටින රවින්ද්‍ර සල්ගාදු මහතා ද මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇත. හිටපු සභාපතිවරුන් වන අනිලන්ති සමදරා, ඊ.කේ. ගමගේ හා උමා මාලි යන අයද මෙයට සහභාගි වි සිටියහ.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT