Thursday, May 15, 2025
Home » කාන්තා ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව ෂබ්නිම්ගෙන්

කාන්තා ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව ෂබ්නිම්ගෙන්

by sachintha
March 7, 2024 1:44 am 0 comment

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලේ හිටපු වේගපන්දු යවන්නිය වන ෂබ්නිම් ඉස්මායිල් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව යැවීමේ වාර්තාවට හිමිකම් කී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය මේ වාර්තාව තැබුවේ මේ දිනවල පැවැත්වෙන ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් පිල සමඟ පැවති තරගයේදීය. මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කරන 35 හැවිරිදි ෂබ්නිම් විසින් දිල්ලි ඉනිමේ තුන්වැනි ඕවරයේ යවනු ලැබූ දෙවැනි පන්දුවේ වේගය පැයට කිලෝමිටර් 132.1ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ. කාන්තා ක්‍රිකට් පිටියේ පන්දු යවන්නියක පැයට කිලෝමීටර් 130ට වඩා වේගයෙන් පන්දුවක් යවනු ලැබූ පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක් විය. ඊට පෙර එම තරගාවලියේ දිල්ලි පිල සමඟ පැවති පළමු තරගයේදී ද ෂබ්නිම් යවනු ලැබූ පන්දුවක වේගය පැයට කිලෝමීටර් 128.3ක් ලෙස සටහන් වූ බව ද වාර්තා වේ.

වසර 2023 මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ෂබ්නිම් ජාත්‍යන්තර කාන්තා තරගයක වේගවත්ම පන්දුව යැවීමේ වාර්තාවට ද හිමිකම් කියයි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT