මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයේ අවස්ථාවක්. ඡායාරුපය – ප්‍රින්ස් ගුණසේකර
යොවුන් පාපන්දු ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අරමුණින් සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංචිධානය කරන ‘යූසුප් කුසලාන’ 19න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනාගත් ජාවාලේන් පිල හා සෝන්ඩර්ස් අතර තරගය අද පස්වරු 4ට සිටිලීග් පිටියේදී ආරම්භ වේ. අනෙක් අවසන් පූර්ව තරගය හෙට (8) කොළඹ පාපන්දු සමාජය හා රිනවුන් අතර පැවැත්වේ.
ජාවාලේන් හා මොරගස්මුල්ල අතර අර්ධ අවසන් තරගයෙන් ජාවාලේන් පිල දඬුවම් පහර 4-2කින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, අනෙක් අර්ධ අවසන් තරගයේදී සෝන්ඩර්ස් වෙතින් යංග් සිල්වර් පිල ගෝල් 2-1කින් පරාජය විය. අර්ධ අවසන් වටයේදී ගෝල් 4-0කින් මාලිගාවත්ත යූත් පරදවා කොළඹ පාපන්දු සමාජය ඉදිරියට පැමිණි අතර, රිනවුන් පිල ඊයේ පැවති තරගයේදී ගෝල් 2- 0කින් වික්ටරි ක්‍රීඩා සමාජය පරාජය කොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.
මේ තරගවලියේ අවසන් මහා තරගය ලබන 10 වැනිදා පස්වරු 4ට සිටිලීග් පිටියේදී පැවැත්වේ. තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා අනුශූරයන්ට රුපියල් ලක්ෂයක තෑගි පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයන්ට වෙන වෙනම තෑගි පිරිනැමෙන බව සිටිලීග් සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර