Home » අනූෂා ගෝකුළගේ ‘එකෝමත් එක රටක’ එළිදැක්වීම 12 දා

අනූෂා ගෝකුළගේ ‘එකෝමත් එක රටක’ එළිදැක්වීම 12 දා

by mahesh
March 8, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

සරල, සුගම මෙන්ම ගැඹුරු අපේම කතන්දර තුළින් සශ්‍රීක මහ පොළොවක් නිර්මාණය කර ඊළඟ පරපුරට දායාද කිරීමේ අරමුණින් ප්‍රවීණ ලේඛිකා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත ‘එකෝමත් එක කාලෙක’ Once upon a time කෘතිය එළි දැක්වීම මේ මස 12 වැනිදා පස්වරු 3.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.

කතුවරියගේ ළමා කාලයේ අත්දැකීම් ඇතුළත් මේ කෘතිය එළි දැක්වීමට සමගාමීව වසර 24ක සමාජ සංවර්ධන පර්යේෂණයේ සංකල්පය ජනගත කිරීම ද සිදු වනු ඇත.

මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර සූරීන් විසින් පැවැත්වීමට නියමිතය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් පහක දරුවන් රඟපාන මාමඩලේ ගැමුණු අධ්‍යක්ෂණය කළ “සපත්තුව” කෙටි නාට්‍යය ද මෙදින ප්‍රදර්ශනය කෙරේ.

එමෙන්ම සුන්දර, නිර්මාණශීලීන් බිහි කරන ‘ඔබත් පුංචි පැණි කුරුල්ලකු වෙන්න’ වැඩසටහන ද මෙදින පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT