Friday, May 16, 2025
Home » අනාගතයේදී යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බිහි කරනවා

අනාගතයේදී යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බිහි කරනවා

by mahesh
March 8, 2024 1:00 am 0 comment

කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට පනස් පහ දක්වා වැඩි කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කෙළේය.

රාජ්‍ය ඇමැති මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැති විවාදයට එක්වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

යුද හමුදාවේ කාන්තා සෙබළියකට ලබාගත හැකි උපරිම තත්ත්වය මේජර් නිලය වන නමුත් සේවා කාලය වෙනස් කළ පසු මේජර් ජෙනරාල්වරියන් අපේක්ෂා කළ හැකි වන බව ද ඇමැතිවරයා පැවැසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකරගෙන ත්‍රිවිධ හමුදාවේ කාන්තා නියෝග සංශෝධනය කිරීමට තීරණය කළ බවත් එම සංශෝධන කටයුතු සියයට අනූවක් අවසන් කර ඇති බවත් ඒ මහතා සඳහන් කෙළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැති විවාදයට එක්වෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT