Friday, May 16, 2025
Home » ගිරාඳුරුකෝට්ටේ-ඌවපරණගම නිදන් හාරමින් සිටි 11ක් බඩුත් එක්ක පොලිස් දැලේ

ගිරාඳුරුකෝට්ටේ-ඌවපරණගම නිදන් හාරමින් සිටි 11ක් බඩුත් එක්ක පොලිස් දැලේ

by mahesh
March 8, 2024 1:00 am 0 comment

සොරණාතොට සමුහ සී. ගමගේ

ගිරාඳුරුකෝට්ට සහ ඌවපරණගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ, උදලු, අලවංගු, මැටි පහන්, සුවඳ දුම්, තෙල් වර්ග, නූල් බෝල, ඇතුළු උපකරණ රැසක් සමඟ පෙරේදා (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ගිරාඳුරුකෝට්ට ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී මහියංගණ සොරබොර, ගම්පහ ගනේගම, වතුරුගම මල්වතුහිරිපිටිය, ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33, 38, 45 හා 46 යන වස් කාණ්ඩවල පසුවෙන සිවුදෙනෙකු සහ ඌවපරණගම මස්පන්න, නායගෙදර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී කුඹුක්වෙල තෙරිපැහැ, වැලිමඩ කැටකෑල්ල, මස්පන්න නායගෙදර , කැප්පෙටිපොළ , වැලිමඩ දිවිතොටවල, නුගතලාව, ප්‍රදේශවල පදිංචි අවුරුදු 29, 31, 32, 33, 36, 39, හා 42 යන වයස් කාණ්ඩයන්වල පසුවෙන හත්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය පවසයි.

ගිරාඳුරුකෝට්ට සහ ඌවපරණගම පොලිස් ස්ථානවල නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම නිධන් හාරමින් සිටි පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ඌවපරණගම නායගෙදර, මස්පන්න ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි ස්ථානයේ අඩි හතක් පමණ ගැඹුරට පොළොව යටට හාරා තිබූ බවත්, ගිරාඳුරුකෝට්ට ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි ස්ථානයේ පොළොව අඩි 10ක් පමණ යටට හාරා තිබූ බවත් පොලිසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT