469
අනුරාධපුර – රඹෑව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් මතට කැබ් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස් වලට යමින් සිටි තරුණ පිරිසකි
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ,19 හා 21වයස් වල පසුවන පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
අනතුරින් පසු අදාළ කැබ් රථය පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.