Saturday, May 10, 2025
Home » මනූෂගේ ‘ජයගමු ශ්‍රී ලංකා – කුරුණෑගල’ විශාල ජන ගඟකින් ඇරඹෙයි

මනූෂගේ ‘ජයගමු ශ්‍රී ලංකා – කුරුණෑගල’ විශාල ජන ගඟකින් ඇරඹෙයි

by chanaka
March 9, 2024 12:57 pm 0 comment

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවයේ නවතම වැඩසටහන අද (09) අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල වැහැර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියි.

මෙහිදී විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 246 කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත්, පාසල් සිසුන් 364 කට පාසල් උපකරණ සහ විගමනික ශ්‍රමික පවුල් 100කට රුපියල් දසදහසකට වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම ද නියමිතව තිබේ.

ඊට අමතරව මෙරටට පැමිණ ස්ව්‍යං රැකියාවල නියුතු විගමනික ශ්‍රමිකයින් 12 දෙනෙකු සඳහා ද, සාර්ථකව ව්‍යාපාර සිදුකරන මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයන් 9 දෙනෙකු සඳහා සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ආධාරද, අබාධිත විගමනික ශ්‍රමිකයෙකු සඳහා රෝද පුටුවක් සහ ඇස් කණ්නාඩි 32ක්ද ලබාදිමට සැලසුම් කර ඇත.

එමෙන්ම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් තුල සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය Smart Board 30ක් පිරිනැමීටද කටයුතු යොදා තිබේ.

මීට අතිරේකව මෙරට අවිධිමත් අංශයේ වෘත්තීන් වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ NVQ සහතික ලබාදීමටද නියමිතය.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක්ද සංවිධාන කර ඇත.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දෙවන දිනයේදී මෙරට තරුණ ප්‍රජාව ස්මාට් වැඩ්ඩන් කරන Smart You Club පිහිටුවීමටද නියමිතය.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT