Home » තරුණියකගේ මළ සිරුරක් තේ වත්තකින් සොයා ගැනේ

තරුණියකගේ මළ සිරුරක් තේ වත්තකින් සොයා ගැනේ

by chanaka
March 9, 2024 3:16 pm 0 comment

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇයගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරේ.

මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව අනාවරණය කර ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ෂණ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT