කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදීම සිදුකිරීමට තීරණය කර තිබේ.
කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහරාධිකාරි පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඝාතනයට ලක්වූ එම ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු කැනඩාවේදී සිදු කෙරෙන බවයි.
ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් එකඟතාව පලකර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළේය.
කෙසේ වෙතත් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කැනඩා පොලිසිය මගින් මෙතෙක් නිදහස් කර නොමැත.
කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු තියුණු ආයුධයකින් ඇණ ඝාතනයට ලක්ව තිබුණේ ඉකුත් බදාදා (06) දිනයි.
අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකි.
අත්අඩංගුවට සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.