DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමඟ එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකේ. මෙම විශේෂ ණය ක්‍රමය යටතේ සිසුන්ට තම අධ්‍යාපන ණය පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත සමඟ ප්රතිලාභ රැසක් හිමිවනු ඇත.
මෙම ප්රතිලාභ අතරට ණය පහසුකම යටතේ පාඨමාලාවට අදාළ මුළු මුදලම ලබාගත හැකි වීම, වසර 7ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වීම සහ ගනුදෙනුකරු වෙතටම පැමිණ සේවාවන් සැපයීම ඇතුළු ප්රතිලාභ රාශියක් ඇතුළත් වී තිබේ. IIHS ආයතනයේ පාඨමාලා සඳහා නව බඳවාගැනීම් සිදු කිරීමට නියමිත අවස්ථාවක මෙම අධ්‍යාපන ණය ක්‍රමය හඳුන්වා දී තිබීම සිසුන්ට ඉමහත් සහනයක් වනු නිසැක ය. මේ යටතේ සිසුන්ට ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත හෙද සේවා ගෞරව උපාධි පාඨමාලාවක් [BSc (Hons)] ශ්‍රී ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව ලැබේ.
DFCC බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා සහ IIHS වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/සම – නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.
මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, විදේශ මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ දැවැන්තයෙකු වන IIHS සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. තරුණ පරපුරේ බොහෝ දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ස්ථාවර වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
DFCC බැංකුව යනු විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස අප දකිනවා. නිසි සුදුසුකම් සපිරූ හෙද සහ සාත්තු සේවා වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල ඇති ඉල්ලුම ඉතා ඉහළයි. ලන්ඩනයේ Coventry University සමඟ එක්ව පිරිනමන අපගේ උපාධි පාඨමාලාව, හෙද සේවා ක්ෂේත්රය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට බලාපොරොත්තු වන කාටත් ඇති ඉතා හොඳ තේරීමක්. ඒ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා මුදල් සපයා ගැනීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමය මහඟු පිටිවහලක් වේවි.”