Home » නිල් චිත්‍රපට නිළි එමිලි කෝමා තත්ත්වයකට පත්වෙයි

නිල් චිත්‍රපට නිළි එමිලි කෝමා තත්ත්වයකට පත්වෙයි

by chanaka
March 9, 2024 12:49 pm 0 comment

පසුගිය පෙබරවාරි මස 05 වැනිදා සිට ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන එමිලි විලිස් (Emily Willis) මේ වන විට දරුණු කෝමා තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විසිපස් හැවිරිදි ඇයව මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා රෝහල්ගත කෙරිණ.

මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බව ඇයගේ පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත පවසා ඇත.

එමෙන්ම ඇය මේ වනවිට කිසිඳු ආකාරයකින් සංවේදීතාවයක් හෝ ප්‍රතිචාරයක් නොදක්වන බවද පැවසේ.

ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින නිසා ඇයව බේරාගැනීමේ අරමුණීන් GoFundMe නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා ඇත.

කෙසේවෙතත්, එම අරමුදල මේ වනවිටත් ඩොලර් 32,500 කට ආසන්න මුදලක් රැස් කර ඇති බව පවුලේ ඥාතීන් පවසා තිබේ.

ඉන්ස්ටග්‍රෑම් හි මිලියන දෙකකට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් එමිලි විලිස් ට සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT