Home » සුම­න්දි­රන් ඝාතන තැත ඇතුළු අධි චෝදනා 8කට මහ­ත්මා­ජීට වරෙන්තු

සුම­න්දි­රන් ඝාතන තැත ඇතුළු අධි චෝදනා 8කට මහ­ත්මා­ජීට වරෙන්තු

by damith
March 9, 2024 1:22 am 0 comment

චන්දන ජය­විර

ද්‍රවිඩ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.ඒ. සුම­න්දි­රන් මහතා ඝාත­න­යට කිරී­මට උත්සාහ කිරීම හා තහ­නම් සංවි­ධා­න­යක් වන එල්ටී­ටී­ඊය ප්‍රව­ර්ධ­නය ඇතුළු අධි චෝදනා 8ක් යටතේ හිටපු එල්ටී­ටීඊ ක්‍රියා­කා­රීන් සිව් දෙන­කුට එරෙ­හිව පවරා ඇති නඩුවේ ප්‍රධාන විත්ති­කරු වන මහ­ත්මාජී අනෝ­ජන් යන අයට කොළඹ මහා­ධි­ක­රණ පෙරේදා (07දා) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න මහතා හමුවේ නඩුව කැඳවූ අව­ස්ථාවේ පැමි­ණිල්ල කළ කරුණු දැක්වී­මට අනුව දිගින් දිග­ටම අධි­ක­ර­ණය මඟ­හැර සිටින සිව්වැනි චූදිත අත්අ­ඩං­ගු­වට ගෙන වහා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විනි­සු­රු­ව­රයා නියෝග කළේය.

ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට මන්ත්‍රී­ව­රයා කළ පැමි­ණි­ල්ල­කට අනුව නීති­ප­ති­ව­රයා විසින් කරා­ල­සිං­හම් කුලේ­න්ද්‍රන් නොහොත් සෝලෙයි කුම­රන් නොහොත් මාස්ටර්, ලිවිස් මරි­ය­නා­ය­ගම් අජ­න්තන් නොහොත් කඩ­ලන් නොහොත් ජනා, මුරු­ග­යියා තව­වේ­න්ද්‍රන් නොහොත් වේන්දන්, ඥාන­සේ­ක­ර­ලිං­ගම් රාස්ම­දන් නොහොත් මදන් නොහොත් වර­දන්, මහ­ත්මාජී අනෝ­ජන් නොහොත් කන්නන් නොහොත් වෙට්ට්‍රි යන තැනැ­ත්තන්ට විරු­ද්ධව නඩු පවරා තිබේ.

නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ එම්.ඒ. සුම­න්දි­රන් මන්ත්‍රී­ව­රයා පැමි­ණිල්ල වෙනු­වෙන් සාක්ෂි දීමට සූදා­නම්ව පැමිණ සිටි­යද සිව්වැනි විත්ති­කරු පෙනී නොසි­ටීම නිසා සාක්ෂි විභා­ගය සිදු නොවීය.

2016 වසරේ ඔක්තෝ­බර් මස 2017 වසරේ ජන­වාරි අතර කාලය තුළදී චුදි­ත­යන් නම නොදත් තවත් තැනැ­ත්තන් සමඟ එක්ව කිලි­නො­ච්චියේ තිරු­වෙ­යි­යාරු, කන­ක­පු­රම්, මන­මුනේ යන ස්ථාන­ව­ලදී හිදී ක්ලේමෝ බෝම්බ, බෝම්බ සහ ඩෙට­නේ­ටර 200කට වැඩි ප්‍රමා­ණ­යක් සන්ත­කයේ තබා ගැනීම හා එම්.ඒ. සුම­න්දි­රන් මන්ත්‍රී­ව­රයා ඝාත­නය කිරී­මට උත්සාහ කිරීම හා තහ­නම් ත්‍රස්ත සංවි­ධා­න­යක් වන කිරීමේ වර­දට නඩු පවරා තිබේ.

දණ්ඩ නීති සංග්‍ර­හයේ 32 වන වග­න්තිය සහ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 44(2)වග­න්තිය සමඟ කිය­විය යුතු 1982 අංක 10 සහ 1988 අංක 22 දරන පන­ත්ව­ලින් සංශෝ­ධිත 1979 අංක 48 දරණ ත්‍රස්ත­වා­දය වැලැ­ක්වීමේ (තාව­කා­ලික) පනතේ 2 හා 27 වැනි වග­න්තිය යටතේ ජනා­ධි­ප­ති­ව­රයා විසින් ප්‍රකා­ශ­යට පත් කරන ලද 2011 අගෝස්තු 29 දා නිකුත් කළ 171/2 ගැසට් පත්‍ර­යට අනුව තහ­නම් සංවි­ධා­න­යක් වන එල්ටී­ටී­ඊය ප්‍රව­ර්ධ­නය, ඒ වෙනු­වෙන් වැඩ කිරීම හා එම වරද සිදු කිරී­මට අන් අය පෙල­ඹ­වීම, අනු­බල දීම, පොදු අර­මු­ණක් ඇතිව වැඩ කිරී­මට එකඟ වීමෙන් ඉහත නියෝ­ලය උල්ලං­ඝ­නය කිරීමේ වර­දට සහ ශ්‍රී ලංකා ජන­ර­ජයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුගේ මර­ණය සිදු කිරීම හෝ එය සිදු කිරී­මට අනු­බල දීම සහ ඇතුළු අධි චෝදනා 8ක් යටතේ නීති­ප­ති­ව­රයා විසින් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබේ. 1 හා 2 විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ කේ.එස්. රත්න­වේල්, නීතිඥ රතින්ද්‍ර කරු­ණා­රත්න සහ 3, 4 විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ සුරංග බණ්ඩා­ර­යන මහ­ත්වරු පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT