Saturday, May 10, 2025
Home » කහඳමෝදර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

කහඳමෝදර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

by chanaka
March 9, 2024 12:54 pm 0 comment

හුංගම, කහඳමෝදර ප්‍රදේශ‍යේ දී පසුගිය 06 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) උදෑසන හුංගම කට්ටකඩුව වැව අසලදී ‍මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT