ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වූ රම්‍යා වනිගසේකර මහත්මිය ඊයේ (8) අභාවප්‍රාප්ත වූවාය. අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසු වූවාය.
කොටියාකුඹුර ප්‍රදේශයේදී උපත ලැබූ රම්‍යා වනිගසේකර මහත්මිය ගුවන්විදුලි සංස්ථාවේ සිටි ප්රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක්ද වූ අතර ඇය දශක දෙකකට වැඩි කාලයක් ගුවන්විදුලියේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ. මුවන්පැලැස්ස ඇතුළු ගුවන්විදුලි නාට්‍ය රැසකට හඬ දුන් ඇය වේදිකාවට, ටෙලිනාට්‍යට මෙන්ම සිනමාවටද තම දායකත්වය දුන්නාය. තම ස්වාමිපුරුෂයා වන අභාවප්‍රාප්ත ආර්.ආර්. සමරකෝන් මහතා අධ්‍යක්ෂණය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය මඟින් අමතක නොවන රංගනයක් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළ ඇය මූදුපුත්තු, හස්තිරාජ මහත්තයා වැනි වේදිකා නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය. එසේම කන්දෙගෙදර, සල්සපුනා වැනි ටෙලි නාට්‍යවලදී ඇය කළ චරිත ප්‍රේක්ෂකයන්ට බොහෝ කලක් මතක තිබෙනු ඇත.
ඇයගේ දේහය මහජන ගෞරව පිණිස බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (10) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.