317
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඊයේ (8) සිට පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.
මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල වේ. රුපියල් 1060ට තිබූ ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝව රු. 1,175ක් වන ලෙස රු. 15කින්ද, සුදු කැකුළු කිලෝව රු. 195ක් වන ලෙස රු. 5කින්ද, සුදු සීනි කිලෝව රු. 270ක් වන ලෙස රු. 3කින්ද අඩු කර තිබේ.