Home » කෝටි 35ක වියදමින් හැදූ පැරෑ­ලිය ධීවර වරායට කිසිම බෝට්ටු­වක් ගන්න බෑ

කෝටි 35ක වියදමින් හැදූ පැරෑ­ලිය ධීවර වරායට කිසිම බෝට්ටු­වක් ගන්න බෑ

ධීවර ඇමැතිවරු ඇවිත් බැලුවත් තවම විසඳුමක් නෑ

by damith
March 9, 2024 1:20 am 0 comment

කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්‍රිය­ද­ර්ශන

රුපි­යල් කෝටි තිස්ප­හ­මා­රක් වැය­කොට ඉදි­කළ පැරෑ­ලිය ධීවර වරාය මේ වන­විට අත­ර­මග නවතා දමා ඇති බවත් විශාල ජනතා මුද­ලක් මෙසේ වැය­කොට අත­ර­මග ඇත­හැර දැමීම විශාල අප­රා­ධ­යක් බවත් ජන­තාව පව­සයි.

පැවැති සෑම රජ­ය­කම ධීවර අමා­ත්‍ය­ව­රුන් මෙම ස්ථාන­යට පැමිණ ඇති­මුත් අවස්ථා දෙක­කදී වරාය හෑරීම සිදු කළ ද තව­මත් එක් ධීවර බෝට්ටු­ව­ක්වත් මෙම වරා­යට ගෙන ඒමට නොහැකි වූ බවත් මෙවැනි කෝටි ගණන් ගිල­ගන්නා අසා­ර්ථක ව්‍යාපෘති මෙසේ රට ණය වීමට හේතුවී ඇති බවත් ජන­තාව පව­සති.

කෝටි තිස්ප­හ­මා­රක් විය­දම් කර ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කළ පැරෑ­ලිය තෙල්වත්ත ධීවර වරාය මේ වන විට ප්‍රදේ­ශයේ තරු­ණ­යන්ගේ ක්‍රීඩා පිට්ට­නි­යක් වී ඇත. රාජිත සේනා­රත්න අමා­ත්‍ය­ව­රයා ධීවර ඇමැ­තිව සිටි කාලයේ ආරම්භ කළ ධීවර වරායේ වැඩ කට­යුතු විජි­ත­මුනි සොයිසා, මහින්ද අම­ර­වීර, කංචන විජේ­සේ­කර සහ වත්මන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා මහ­ත්ව­රුන් විසින් නිරී­ක්ෂණ චාරිකා කිහි­ප­යක් මෙහි සිදු කළත් මේ වන­තු­රුත් ධීව­ර­යන්ට මෙම ධීවර වරා­යෙන් කිසිම ප්‍රයෝ­ජ­න­යක් වී නොමැති අතර මෙය දේශ­පා­ල­න­ඥ­යන්ගේ ආශී­ර්වා­දය ලබන වැලි ජාවා­ර­ම්ක­රු­වන්ට නම් ඉල්ල­මක් වී ඇත. මෙම ධීවර වරායේ හාරන ලද වැලි සිය­යට 75 ක් නැවත මුහු­දට දැමී­මට ගිවි­සුම් අනුව වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර ඇතත් හාරන ලද වැලි සිය­ල්ලම පාහේ විකි­ණීම සඳහා ගෙන යන බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. විටින් විට මෙහි වැලි හාරා වරායේ කට­යුතු ආරම්භ කළත් අද වන විට සියලු වැඩ කට­යුතු නවතා ඇත. විද්‍යා­නු­කූ­ලව මෙම වරායේ වැලි හැරීම සිදු නොක­රන බැවින් පාර­ම්ප­රි­කව තිබූ තෙල්වත්ත, පැරෑ­ලිය මාදැල් වෙරළ තීරය මේ වන විට අභා­ව­යට යමින් තිබේ. මෙම ප්‍රදේ­ශයේ ධීවර කාර්මි­ක­යන්ගේ බහු­දින එක්දින ධීවර යාත්‍රා රාශි­යක් මේ වන විට ගාල්ල, හික්ක­ඩුව, අම්බ­ල­න්ගොඩ, බේරු­වල ප්‍රදේ­ශ­වල ධීවර වරා­යන්ගේ සිට ධීවර කට­යුතු සිදු කරයි. ඔවුන්ට තම ධීවර කට­යුතු සඳහා යාමට විශාල විය­ද­මක් ප්‍රවා­හ­නය සඳහා දැරී­මට සිදු­වන බවත් ඔවුහු පව­සති. මෙම ධීවර වරාය නිය­මිත අයු­රින් ඉදි­ක­ළ­හොත් ධීවර කර්මා­න්තයේ යෙදෙන පවුල් දෙසී­ය­කට පමණ හා වක්‍රව සම්බන්ධ පවුල් 300කට පමණ සෙත සැල­සෙන බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

මෙම ප්‍රදේ­ශයේ සිටින පාර­ම්ප­රික ධීව­ර­ය­න්ගෙන් කිසිම අද­හ­සක් මේ වරාය ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් විමසා නොමැති අතර නිල­ධා­රීන් විසින් දේශ­පා­ල­න­ඥ­යන්ගේ ඕනෑ­එ­පා­කම් අනුව ඉදි­කි­රී­මට ගත් මෙම පැරෑ­ලිය තෙල්වත්ත ධීවර වරාය මේ වන විට සුදු අලි­යෙක් බවට පත්වී ඇත. ප්‍රදේ­ශ­වා­සීන් ඉල්ලා සිටින්නේ මේ පිළි­බ­ඳව සොයා බලා ධීව­ර­යන්ට සහ­න­යක් ලබා දෙන ලෙසයි. මෙම වරාය මේ වන­විට ප්‍රදේ­ශයේ තරු­ණ­යන්ගේ ක්‍රීඩා පිටි­යක් බවට පත් වී ඇති බව තෙල්වත්ත, පැරෑ­ලිය ධීවර වරාය සුරැ­කීමේ ව්‍යාපා­රයේ කැඳ­වු­ම්කරු රුවන් ප්‍රීති කුමාර මහතා පව­සන අතර රුපි­යල් කෝටි තිස් පහ­මා­රක් පමණ වැය කර මෙහි ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කර ඇත්තේ ගල්වැ­ටි­යක් දමා වැලි හෑරීම පම­ණක් කළ බවයි. මෙම ස්ථානය නිරී­ක්ෂ­ණය සඳහා ධීවර අමා­ත්‍ය­ව­රුන් හතර දෙනකු ද පැමි­ණි­යත් අද ඉදි­කි­රීම් කට­යුතු නතර කර දමා ඇති බවයි.

තෙල්වත්ත, පැරෑ­ලිය මාදැල් ධීවර සමි­තියේ සභා­පති ගාමිණී නන්දන මහතා පැවැ­සුවේ අක්‍ර­ම­වත්ව තෙල්වත්ත පැරෑ­ලිය ධීවර වරාය ආරම්භ කිරීම නිසා තමන් බොහෝ කාල­යක් මාදැල් ධීවර කර්මා­න්තය කළ තෙල් වත්ත වෙරළ තීරය මේ වන විට විනාශ වෙමින් යන බවය. මෙම ධීවර වරායේ වැඩ­ක­ට­යුතු නැවත ආරම්භ කිරී­මට සූදා­නම් වුව­හොත් තමන් එයට විරෝ­ධය පළ කරන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT