Tuesday, May 13, 2025
Home » අව­සන් විස්සයි20 තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 2.30ටයි

අව­සන් විස්සයි20 තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 2.30ටයි

‘වයිඩ්’-‘නෝබෝල්’ වැස්ස ඔළු­වට අගු­ණයි

by damith
March 9, 2024 1:20 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

ශ්‍රී ලංකා පිලේ බංග්ලා­දේශ සංචා­රයේ පැවැ­ත්වෙන තෙවැනි හා අව­සන් විස්සයි20 තර­ගය අද ශ්‍රී ලංකා වේලා­වෙන් පස්වරු 2.30ට සිල්හෙට් ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි. දෙපි­ලම තරග 1-1ක් ලෙස තර­ගා­ව­ලිය සම මට්ට­ම­කට පත්කොට ඇති හෙයින් අද ප්‍රති­ඵ­ල­යෙන් තර­ගා­ව­ලියේ ජය තීර­ණය වේ.

බංග්ලා­දේ­ශය වස­රක් තිස්සේ තම නිජ­බි­මේදී පැවැති විස්සයි20 තර­ගා­වලි තුනම පිට පිට ජය­ග්‍ර­හ­ණය කොට ඇති බැවින් ශ්‍රී ලංකාව සමඟ මේ තර­ගා­ව­ලියේ ජය­ග්‍ර­හ­ණය ආරක්ෂා කර ගැනීමේ විශාල පීඩ­න­යක් ඔවුන් තුළ පවතී. පසු­ගිය වසරේ මාර්තු මාසයේ සිට එංග­ල­න්තය 3-0කින්, අය­ර්ල­න්තය 2-1කින් හා ඇෆ්ග­නි­ස්තා­නය 2-0කින් පරා­ජය කිරී­මට බංග්ලා­දේ­ශය සමත්ව සිටියි.

ශ්‍රී ලංකා පිල ද සිම්බාබ්වේ හා ඇෆ්ග­නි­ස්තා­නය සමඟ විස්සයි20 තර­ගා­වලි දෙකම වනිඳු හස­රං­ගගේ නාය­ක­ත්ව­යෙන් යුතුව ජය­ගෙන යහ­පත් මාන­සික තත්ත්ව­ය­කින් පසුවේ. දඹු­ල්ලේදී විනි­සුරු ලින්ඩන් හැනි­බල් මහ­තාගේ ‘නෝබෝල්’ සිද්ධි­යෙන් පසු අන­පේ­ක්ෂිත ලෙස තරග 2ක තහ­න­මින් පසු වනිඳු හස­රංග අද නාය­කත්ව භූමි­කා­වට යළි පිවි­සීම ශ්‍රී ලංකා පිලට ශක්ති­යක්වී තිබේ. හස­රංග විස්සයි20 තර­ග­ව­ලදී ආක්‍ර­ම­ණ­ශීලී ක්‍රීඩා විලා­ස­යක් දක්වන බැවින් බංග්ලා­දේ­ශ­යට ඔහුගේ තර්ජ­නය නිසැ­ක­වම සිදුවේ.

කෙසේ වුවද ශ්‍රී ලංකා පිලේ ‘වයිඩ් පන්දු යැවීමේ’ දුර්ව­ල­තාව අද තර­ග­යේදී මඟ හරවා ගැනීම අනි­වා­ර්ය­යෙන්ම සිදු­විය යුත්තකි. පසු­ගිය තරග දේකේදී ශ්‍රී ලංකා පිලෙන් දක්නට ලැබුණු ‘වයිඩ්’ පන්දු හා ‘නෝබෝල්’ පන්දු යැවීමේ දුර්ව­ල­තාව කැපී පෙනුණු අතර එයින් ප්‍රති­වා­දීන්ට විශාල වාසි­යක් අත්විය.

සිල්හෙට් ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවැති පළමු විස්සයි20 තර­ග­යේදී ශ්‍රී ලංකා පිල අති­රේක ලකුණු 19ක් ලබා­දුන් අතර, එයට ‘වයිඩ්’ පන්දු 9ක් හා ‘නෝබෝල්’ 3ක් ඇතු­ළත් වූවේය. මේ ‘වයිඩ්’ හා ‘නෝබෝල්’ පන්දු 12ට ‘ෆ්‍රී හිට්’ ප්‍රහා­රය ගණන් නොගෙන ලකුණු 12ක් මෙන්ම තවත් අම­තර ඕවර 2ක් බංග්ලා­දේ­ශ­යට හිමි­විය.

දෙවැනි විස්සයි20 තර­ග­යේදී ශ්‍රී ලංකා පිල අති­රේක ලකුණු 23ක් ලබා­දුන් අතර, එහිදී ‘වයිඩ්’ ලකුණු 13ක් බංග්ලා­දේ­ශ­යට හිමි විය. එම අව­ස්ථා­වේදී ද අම­තර ලකුණු මෙන්ම අම­තර පන්දු බංග්ලා­දේ­ශ­යට ප්‍රදා­නය විය. නිමාවූ තරග දෙකේ­දීම ශ්‍රී ලංකා පිල අති­රේක ලකුණු 42ක් ලබාදී තිබේ. මෙම­ඟින් බංග්ලා­දේශ පිලට විශාල අම­තර ‘බෝනස්’ වාසි­යක් හිමි විය.

මේ තරග දේකේ­දීම වේග පන්දු යැවූ මතීෂ පති­රණ ‘වයිඩ්’ පන්දු 13ක් හා ‘නෝබෝල්’ පන්දු 3ක් යැවී­මෙන් අම­තර ලකුණු 16ක් සාමා­න්‍ය­යෙන් ප්‍රදා­නය වීම හා තවත් පන්දු ඕවර 2.4ක් ප්‍රති­වා­දීන්ට කෙළින්ම ප්‍රදා­නය විණි. ඔහු විසින් යවන ලද ‘නෝබෝල්’ පන්දු 3ට හිමි­වන ‘ෆ්‍රී හිට්’ ප්‍රහා­රයේ හයේ – හතරේ පහර වෙනම ගණ­නය කළ යුතු වේ.

ශ්‍රී ලංකාව අද බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව තර­ගා­වලි ජය වාර්තා කළ­හොත් වසර 6කට පසු බංග්ලා­දේ­ශ­යේදී විස්සයි20 තර­ගා­වලි ජයක් වාර්තා කරනු ඇත. මෙයට පෙර අව­ස­න්ව­රට ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දි­මාල්ගේ නාය­ක­ත්ව­යෙන් සිදු­කළ බංග්ලා­දේශ සංචා­ර­යේදී 2018 පෙබ­ර­වාරි 18දා මීර්පූර්හි පැවැති තර­ගය කඩුලු 6කින් හා සිල්හෙ­ට්හිදී පැවැති තර­ගය ලකුණු 75කින් ජය ලබා 2-0ක් ලෙස තර­ගා­වලි ජය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT