Home » මොරටු රන් සටනේදී සෙබ­ස්ති­යන් පිලට පළමු දිනයේ වැඩි ගෞරව

මොරටු රන් සටනේදී සෙබ­ස්ති­යන් පිලට පළමු දිනයේ වැඩි ගෞරව

by damith
March 9, 2024 1:23 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර
විමත් දින්සර

මොර­ටුව වේල්ස් කුමර විදු­හල සමඟ 74 වැනි වරට පැවැ­ත්වෙන ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තර­ගයේ පළමු දිනය නිමා වන විට වැඩි ගෞරව හිමි කර ගැනී­මට සාන්ත සෙබ­ස්ති­යන් විදු­හල් ක්‍රීඩ­කයෝ සමත් වූහ.

මොර­ටුව ද සොයිසා ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ ආරම්භ වූ මේ තර­ගයේ කාසියේ වාසිය දිනූ සෙබ­ස්ති­යන් පිලේ ආරා­ධ­න­යෙන් පළ­මුව පන්දු­වට පහ­ර­දුන් වේල්ස් කුමර ක්‍රීඩ­කයෝ ලකුණු 219ක් රැස් කළ අතර, දිනය නිමා වන විට පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන සෙබ­ස්ති­යන් පිල කඩුලු 3ක් දැවී ලකුණු 139ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 7ක් අතැ­තිව සිටින සෙබ­ස්ති­යන් පිල වේල්ස් කුමර පළමු ඉනි­මට වඩා පසු­ප­සින් සිටින්නේ තවත් ලකුණු 80කිනි.

අදීෂ් අල්මේදා නොදැවී ලකුණු 46ක් රැස් කර සිටි අතර, තෙවැනි කඩුල්ල ලෙස විමත් දින්සර දැවී ගියේ ලකුණු 51ක් රැස් කර තිබි­ය­දීය.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් වේල්ස් කුමර විදු­හල වෙනු­වෙන් අර්ධ ශත­ක­යක් (52) වාර්තා කිරී­මට සුව­හස් ප්‍රනාන්දු සමත් වූ අතර, පන්දු 104කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් එල්ල කර තිබිණි.

ඔෂාන් ද සිල්වා සහ උනෙත් පීරිස් ලකුණු 37 බැගින් රැස් කළ අතර, සචිර දෙව්මින් ලකුණු 31ක් සහ නවීන් ප්‍රනාන්දු ලකුණු 30ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී මලින්ත සිල්වා කඩුලු 3ක් බිඳ දැමූ අතර, අදීෂ් අල්මේදා සහ මනුජ චන්තුක කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තර­ගයේ අව­සන් දින­යයි.

වේල්ස් කුමර පළමු ඉනිම – 219 (ඕවර 59.4) සුව­හස් ප්‍රනාන්දු 52, ඔෂාන් ද සිල්වා 37, උනෙත් පීරිස් 37, සචිර දෙව්මිණ් 31, නවීන් ප්‍රනාන්දු 30 (මලින්ත සිල්වා 70/3, අදීෂ් අල්මේදා 27/2, මනුජ චන්තුක 82/2)

මොර­ටුව සාන්ත සෙබ­ස්ති­යන් පළමු ඉනිම -139/3 (ඕවර 34) විමත් දින්සර 51, අදීෂ් අල්මේදා නොදැවී 46, ජනක සිල්වා 30

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT