Monday, May 12, 2025
Home » කුලියට පැල් රැකීමට ගිය ගොවියා‌ වල් අලි ප්‍රහාරයෙන් මරුට

කුලියට පැල් රැකීමට ගිය ගොවියා‌ වල් අලි ප්‍රහාරයෙන් මරුට

by chanaka
March 10, 2024 10:05 am 0 comment

මැදවච්චිය, තුලාවෙල්ලිය ගම්මානයේ බෝගස්වැව කැලෑවේ කුලියට පැල් රැකීමට, පැලට ගිය ගොවි මහතෙකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස වල් අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කලවල්පොතාන, තුලාවෙල්ලිය පදිංචි මැණික්රාලගේ දනපාල නැමැති 73 හැවිරිදි අයෙකි.

මොහු දෛනික කුලියට පැලි රැකීම තම වෘත්තිය ලෙස මේ දින වල සිදු කරයි. ඒ අනුව පසුගිය සිකුරාදා (08) සවස 04.00 ට පමණ තම කලවල්පොතාන නිවසේ සිට මැදවච්චියේ, තුලාවෙල්ලිය ගම්මානයේ බෝගස්වැව කැලෑවේ පිහිටි පැලකට කුලියට පැල් රැකීම සඳහා ගොස් ඇත. අනතුරුව මෙම ගොවි මහතා පැලට මීටර් 500 ක් පමන දුරින් ඇති ඝණ කැලෑවට ගොස් ඇත.

ඊට පසු දින (09) පෙරවරුව වන විටත් මෙම ගොවි මහතා නැවත නොපැමිණීම හේතුවෙන් පැලේ හිමිකරු සහ පවුලේ පිරිස් ඒ පිළිබඳ පැලට ගොස් සොයා බලා ඇත. එහිදී ඒ ගොවි මහතා ඇදගෙන සිටි කමිසය සහ රැගෙන ගිය බුලත් මල්ල පමනක් තිබී ඇත. එය රැගෙනා ආ ආකාරයෙන්ම තිබීම හේතුවෙන් සැකයක් පැමිණි පවුලේ පිරිස මේ පිළිබඳව මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව අතුරුදහන් වූ ගොවි මහතා සොයා මැදවච්චිය පොලිසය සහ ගම්වාසීන් පැල ආසන්නයේ ඝණ කැලැවේ සෝදීසි මෙහෙයුමක් සිදු කළේය. එහිදී වල් අලියෙක් නිදා සිටි ස්ථානයක් මෙම පිරිසට හමු වී ඇත. එම ස්ථානයට නුදුරින්ම මෙම ගොවිමහතාගේ මලසිරුරද හමු වී ඇත.

වල් අලියා විසින් පාගා, හොඩින් පහර එල්ල කර බෝලයක් ආකාරයට ඔතා පැලට මීටර් 500 ක පමන දුරින් ඝණ කැලෑවේ තිබූ එම මල සිරුර අනතුරුව පරික්ෂණ සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT