Saturday, May 10, 2025
Home » හීලෑ අලි ඇතුන්ට හබ­රණ අලි රෝහ­ලක්

හීලෑ අලි ඇතුන්ට හබ­රණ අලි රෝහ­ලක්

අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­ය­කුත් ඇරේ

by damith
March 10, 2024 1:02 am 0 comment

දිව­යිනේ ප්‍රථම වතා­වට හිලෑ අලි ඇතුන් බෝකර ගැනී­මට අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­යක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බට­හිර වෛද්‍ය ප්‍රති­කාර කරන පෞද්ග­ලික රෝහ­ලක් හබ­ර­ණදී පසු­ගි­යදා(07) විවෘත කිරී­මට හීලෑ අලි ඇතුන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් පිය­වර ගනු ලැබීය.

මේ සඳහා මූලි­ක­ත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ දී ග්‍රාමා­ර­ක්ෂක භට­ය­කුගේ වෙඩි පහ­ර­කට ලක්ව තුවාල ලබා සිටි සීතා ඇති­න්නගේ හිමි­කා­රී­ත්වය දරන මහ­ර­ගම එස්. එන්. රොෂාන් මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව බව හීලෑ අලි ඇතුන්ගේ සංග­මය කියයි.

හීලෑ අලි ඇතුන් රෝහල හා අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය

හීලෑ අලි ඇතුන් රෝහල හා අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය

මේ අව­ස්ථා­වේදී මහි­යං­ග­ණ­යේදී වෙඩි වැදී තුවාල ලබා සුව අතට පත් වූ සීතා ඇතින්න හබ­රණ ප්‍රදේ­ශයේ මේ රෝහ­ලට ගෙන්වා තිබුණු අතර ඇය­ගෙන් හීලෑ අලි පැට­වුන් බෝ කිරී­මට අභි­ජ­න­නය කිරීමේ මංගල කට­යුත්ත ද සිදු කිරීම විශේ­ෂ­ත්ව­යකි.

ඒ සඳහා රාජා නමැති හස්ති­යෙක් ගෙන්වා ඔවුන්ගේ පළමු ස්වභා­වික එක­තු­වීමේ ක්‍රියා­ව­ලිය අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය ආරම්භ කිරී­මත් සමඟ සිදු කෙරිණි.

හීලෑ අලි ඇතුන්ට ප්‍රති­කාර කිරී­මට අම­ත­රව ඇත් ගොව්වන් නමින් හැඳි­න්වෙන ඇතුන් බලා­ගන්නා ශිල්පීන් හස්ති පාල­ක­ව­රුන් පුහුණු කිරීමේ කට­යුතු ද මේ ස්ථාන­යේදී ක්‍රියා­ත්මක වන බවත් දිව­යිනේ ප්‍රථම වතා­වට මෙවැනි ස්ථාන­යක් ආරම්භ කිරී­මට හැකි­වීම ගැන තමන් බල­වත් සේ සතු­ටට පත්වන බවත් පාර­ම්ප­රික අලි හිමි­ක­රු­වකු වන රොෂාන් මහතා පැව­සීය.

මහි­යං­ග­ණ­යේදී වෙඩි වැදී තුවාල ලබා සුව වූ සීතා ඇතින්න හබ­රණ ප්‍රදේ­ශයේ මෙම රෝහ­ලට ගෙන්වා තිබුණු අතර ඇය­ගෙන් හීලෑ අලි පැට­වුන් බෝ කිරී­මට 
අභි­ජ­න­නය කිරීමේ මංගල කට­යුත්ත

මහි­යං­ග­ණ­යේදී වෙඩි වැදී තුවාල ලබා සුව වූ සීතා ඇතින්න හබ­රණ ප්‍රදේ­ශයේ
මෙම රෝහ­ලට ගෙන්වා තිබුණු අතර ඇය­ගෙන් හීලෑ අලි පැට­වුන් බෝ කිරී­මට
අභි­ජ­න­නය කිරීමේ මංගල කට­යුත්ත

සීතා ඇතින්න වෙඩි වැදී බර­ප­තළ තත්ත්වයේ සිටිය දී පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ සේවය කරන පශු වෛද්‍ය­ව­රුන් මෙන් ම දේශීය හස්ති වෛද්‍ය­ව­රුන් එක්ව ඇයගේ ජීවි­තය බේරා ගැනී­මට හැකිවූ බවත් නැඳු­න්ග­මුවේ ඇතා මිය ගොස් වසර දෙකක් පිරීම සිදු­වන බවත් අලු­ත්ගම කන්ද­කැ­ටියේ විහා­රයේ සිටි මුතු­රාජා ඇතා අස­නීප තත්ත්ව­යෙන් රටට අප­කී­ර්ති­යක් එක්ක­ර­මින් නැවත් එම රටට රැගෙන යෑම ආදී ක්‍රියා සිදු­වුණේ හීලෑ අලි ඇතුන් වෙනු­වෙන් ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක් නොති­බීම නිසා­වෙන් බව රොෂාන් මහතා සඳ­හන් කළේය.

මේ හේතු මුල්ක­ර­ගෙන ලංකාවේ ප්‍රථම හීලෑ අලි ඇතුන්ගේ ප්‍රති­කාර රෝහල අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය මෙන්ම හස්ති පාල­ක­ව­රුන් පුහුණු කිරීමේ ස්ථානය ආරම්භ කිරී­මට හැකි වූ බව හෙතෙම පැව­සීය.

මෙහිදී මෙරට සංස්කෘ­තික මංග­ල්‍ය­ය­න්ව­ලට සංචා­රක කර්මා­න්ත­යට විශාල සේවා­වක් ඉටු­ක­රන හීලෑ අලි ඇතුන් සංර­ක්ෂ­ණය කර ගැනීම ඔවුන්ගේ පැවැත්ම වර්ධ­නය කර ගැනීම නොක­ළ­හොත් ඉදි­රි­යේදී බර­ප­තළ ප්‍රශ්න රැස­කට මුහුණ දෙන බව ද හෙතෙම සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT