Saturday, May 10, 2025
Home » අගලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එද්දී ප්‍රපාතයකට වැටී අනතුරට ලක් වූ වයඹ සරසවියේ සිසුවා යුද්ධ හමුදාවෙන් බේරාගනී

අගලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එද්දී ප්‍රපාතයකට වැටී අනතුරට ලක් වූ වයඹ සරසවියේ සිසුවා යුද්ධ හමුදාවෙන් බේරාගනී

by Gayan Abeykoon
March 10, 2024 5:26 pm 0 comment

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දස⁣දෙනෙකු ඊයේ (09) දින කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක්  ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත.

ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිද්දිය සැබැදිව 611 බලස්නාවේ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට දැනුම් දී  ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ඇත.

ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අනතුරට පත් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නම් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධා⁣ර ලබාදීමෙන් අනතුරුව ඔහුව කදුපාමුලට ගෙනවිත් වැඩිදුර ප්‍රතිකා⁣ර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT