Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය අර්ධද්වීපයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය අර්ධද්වීපයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

by Gayan Abeykoon
March 10, 2024 5:36 pm 0 comment

යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබා දීම  2024 මාර්තු 10 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ 24 වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් කටටි පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි හතක් ඇතුළුව අක්කර 109.56ක් ඒවාහි මුල් අයිතිකරුවන්හට ආපසු ලබා දෙන ලදී.

මේවන විට යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම්වලින් ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන 0.5% ඉතාකුඩා ඉඩම් ප්‍රමානයක් පමනක් හමුදාව විසින් භාවිතා කරනු ලබයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ගේ පූර්ණ් අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ‍, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික්ක දෙකෙහිම දිසාපතිවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT