296
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.
මෑතකදී කෙන්යාවේ සංචාරයක යෙදුණු ඔහුට ආපසු පැමිණීමට නොහැකිව පුවර්ටෝ රිකෝ හි රැඳී සිටින බව විදෙස් මාධය වාර්තා කරයි.
හෙන්රි මේ වනවිට පුවර්ටෝ රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසා සිටියි.
එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කරයි.