Home » බියගම ආයෝජන කලාපයේ Dsl (pvt) Ltd tikiri toys සමාගමට

බියගම ආයෝජන කලාපයේ Dsl (pvt) Ltd tikiri toys සමාගමට

by sachintha
March 14, 2024 1:23 am 0 comment

වසරේ හොඳම අපනයන සන්නාමය

හොඳම පරිසර හිතකාමි සන්නාමයත් දිනයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ පිහිටි Dsl (pvt) Ltd tikiri toys සමාගම වසරේ හොඳම අපනයන සන්නාමය හා වසරේ හොඳම පරිසර හිතකාමි සන්නාමය දිනා ගැනීමට සමත්ව තිබේ. දේශීය කාබනික රබර් ගොවීන්ගේ රබර් පමණක් මිලදී ගනිමින් ජාත්‍යන්තර තත්ත්ව සහතික ලත් පරිසර හිතකාමි නිෂ්පාදන මේ සමාගම නිෂ්පාදනය කරන අතර Dsl (pvt) Ltd tikiri toys සමාගමේ නිෂ්පාදනවල විශේෂත්වය වන්නේ ඔවුන් කුඩා දරුවන් උදෙසාම වෙන් වූ ආරක්ෂිත ආයිත්තම් නිෂ්පාදනය හා අපනයනය කිරීමයි. කුඩා වයසේ පසුවන දරුවන්ට ඔවුන් ජීවත්වන අවට ලෝකය හඳුනා ගැනීමට උපකාරී වන පරිදි උසස් තාක්ෂණයෙන් නිෂ්පාදනය වන ක්‍රීඩා උපකරණ එකතුවක් මෙහි අන්තර්ගත වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ආයෝජකයන්ට නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීමට සහාය ලබාදෙන අතර ඒ අනුව අපනයනය විවිධාංගීකරණය කරමින් නව නිෂ්පාදන අපනයනයට වැඩි අවකාශයක් ලබාදෙයි. කුඩා දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ පරිසර හිතකාමී මෙන්ම දරුවන්ගේ ශරීරයට අහිතකර නොවන අයුරින් නිෂ්පාදනය කර ඇති සෙල්ලම් භාණ්ඩ මිලදී ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ලොව පුරා දකින්නට ලැබෙයි. එම වෙළෙඳපොළ හඳුනා ගනිමින් Dsl (pvt) Ltd tikiri toys සමාගම මේ නිෂ්පාදනයේ නිරත වෙයි.

ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය යටතේ, ස්වාධීන පර්යේෂණ ආයතන කීපයක් විසින් කරනු ලැබූ අධ්‍යයනයකට අනුව tikiri toys සන්නාමය මඟින් දරුවන්ගේ කායික මානසික මෙන්ම ශාරීරික සුභසිද්ධිය ද අදාළව ස්වභාවික රබර් තන්තු සහ වර්ණ වැනි පරිසර හිතකාමි සහ තිරසර ද්‍රව්‍යවලින් අතින් නිර්මාණය කර තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි. මේ නිෂ්පාදන බොහෝ විට දරුවන්ගේ සැනසීම, සතුට ගෙන දෙන මෘදු හුරුබුහුටි නිෂ්පාදනයන්ය. බොහෝවිට මේ නිෂ්පාදන සදාචාරාත්මකව ඉහළම ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන අතර එම නිසා වර්තමානය වනවිට tikiri toys මිලදී ගැනීමේ නව ප්‍රවණතාවක් වෙළෙඳපොළේ දක්නට ලැබෙයි. මොවුන්ගේ අරමුණ වන්නේ මේ නිෂ්පාදන මඟින් මුදල් ඉපයීම පමණක් නොව පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කරමින් වාණිජ අභිලාෂ සමතුලිත කිරීම දක්වා මේ සන්නාමය රැගෙන යෑමයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තිරසර කල් පැවැත්ම ආරක්ෂා කර ගනිමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ දරුවාගේ පළමු ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ මානසික සංවර්ධනය, ප්‍රීතිය, විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමයි. මේ වනවිට ඔවුන් විසින් නිෂ්පාදනය කර ඇති දේශීය භාෂාවේ පවතින සුන්දර සතුන්ගේ නම් උපයෝගී කොට ගෙන ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළට නව නිර්මාණ සකස් කරයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ meiya the mouse සහ alvin the elephant යන නිමැවුම්ය. දරුවන්ට මිතුරන් අතර යහපත් සබඳතාවන් ගොඩනඟා ගැනීම මේ ආයිත්තමෙන් පිළිබිඹු කිරීමට උත්සාහ දරයි. සම්පූර්ණ ස්වභාවික රබර්, පිරිසිදු රෙදි සහ වර්ණක යොදා ගනිමින් සාදන ලද මෙම බෝනික්කන් තොටිල්ලේ ක්‍රීඩා උපකරණ ලෙස තබාගත හැකි බව ඔවුන් විසින් පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා සන්නාමය ඉදිරියට රැගෙන යමින් ළමා නිෂ්පාදන සඳහා විශ්වාසදායක දරුවන්ට සහ මවුපියන්ට හොඳම නිෂ්පාදන ලබා දීමට හදවතින්ම සහ මනසින් කැපවන නිරතුරුවම දරුවාටත් පරිසරයටත් ප්‍රයෝජනවත් හොඳ නව නිෂ්පාදන නිර්මාණය කරමින් අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණෙන වසරේ හොඳම අපනයන සන්නාමය tikiri toys වෙළෙඳ සන්නාමය වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT